කොන්දේසි සහ නියමයන්
කිරණ
මංගල
සේවය
වෙත
ඔබ
සාදරයෙන් පිළිගනිමු.
“කිරණ මංගල
සේවය” හා
Kirana.lk
වෙබ්
අඩවිය
ඔබට
සපයන්නේ A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය මගිනි.
මෙම
සේවාව
මගින්
විවාහ
අපේක්ෂයින්ට තමන්ගේ
සිතැගි
පරිදි
අනාගත
සහකරු
හෝ
සහකාරිය තෝරාගැනීමට අවකාශය
සලසා
ඇත.
ඉන්පසු
ඉදිරියට කටයුතු
කරගෙන
යාම
ඔබ
දෙපාර්ශවයේ කැමැත්ත මත
පමණක්
සිදුවේ.
එවැනි
සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම
සඳහා
කිසිම
අයුරක
අනුබල
දීමක්
හෝ
බලපෑමක් අප
ආයතනය
මගින්
සිදු
නොකෙරේ.එවැනි
සම්බන්ධතාවයක් හේතුකොටගෙන කිසියම් පාර්ශවයකට සිදුවන
ගැටළු
හෝ
මූල්‍යමය අවාසි
සම්බන්ධයෙන් ආයතනය
වගකියනු නොලැබේ.
තවද
මෙම
මංගල
සේවයේ
ලියාපදිංචි වී
ඇති
විවාහ
අපේක්ෂකයින්ගේ විවාහක,
අවිවාහකබව, පදිංචි
ලිපිනය,
රැකියාව ඇතුළු
සම්පූර්ණ විස්තර
වල
සත්‍ය
අසත්‍ය භාවය
සොයා
බැලීමට
අප
ආයතනය
කිසිදු
අන්දමේ
වගකීමකට බැඳී
නොමැත.
මෙම
වෙබ්
අඩවිය හා කිරණ මංගල
සේවය
තුලින්
දැනගන්නා යම්
කෙනෙකු
සමඟ
සම්බන්ධතාවයක් පටන්
ගැනීමට
පෙර
ඔහු
හෝ
ඇය
සපයා
ඇති
සියලු
තොරතුරු වල
සත්‍ය
අසත්‍ය
තාවය
සොයාගැනීම තමාගේ
කාර්ය
භාරය
හා
වගකීම
බව
ඔබ
පිළිගත
යුතුය
1).කිරණ මංගල සේවය භාවිතයට අවසර ඇති අය.
ඔබගේ වයස අවුරුදු 18 කට වැඩිවිය යුතුය.
2).දත්ත හා ඡායාරූප වල අයිතිය.
ඔබගේ දැන්වීමට චායාරූප කිසිවක් ඇතුළත් නොකරයි,විස්තර පමනක් ඇතුළත් කෙරේ
ඔබ අපවෙත ලබාදෙන චායාරූප ප්‍රසිද්දියේ පල නොකරන අතර අපගේ ලියාපදිංචි වී ඇති ඇති අයට පමණක් ලබාදීම සිදුකරනු ලැබේ.
අපි මෙම චායාරූප ලින්ක් එකක් හරහා යවන අතර දුරකථනයට යැවීමක් සිදු නොවේ.එම නිසා එම චායාරූප බැලීමට පමනක් හැකිවන අතර Download කරගැනීමට නොහැක.
මෙහි එන දත්ත හා ඡායාරූප කිසිවක් කුමන අන්දමකට හෝ පිටපත් කිරීමට කිසිවෙකුටත් අවසර නොමැත. මෙහි පලවී ඇති යම් ඡායාරූපයක් පිටපත් කර ලබා ගැනීමෙන් එම සාමාජිකයාට යම් ගැටලුවකට මුහුණු දීමට සිදුවුවහොත් එම වගකීමෙන් ආයතනය නිදහස් වන අතර එම ක්‍රියාව සිදු කළ පුද්ගලයා ඒ සම්බන්ධ සම්පූර්ණ වගකීම බාරගැනීමට බැඳී ඇත.
3).තොරතුරු වල රහස්‍යභාවය
සාමාජිකයෙකු විසින් ආයතනයට සපයා ඇති කිසිම තොරතුරක් පිටතට ලබා දීමට ආයතනය බැඳී නොමැත. එහෙත් නීතියේ අවශ්‍යතාවයක් මත එසේ කිරීමට සිදුවුවහොත් එයට අනුකූල වීමට අප බැඳී සිටී.
4).තමන්ගේ නොවන විස්තර ඇතුලත් කිරිම
යම් සාමාජිකයෙකු විසින් තමන්ගේ නොවන ඡායාරූපයක් හෝ දුරකථන අංකයක් සහිතව කිරණ මංගල සේවයේ සාමාජිකත්වය ලබාගෙන ඇත්නම් ඒ බව ආයතනයට දුරකථනයෙන් දැනුම් දීමට හැකි අතර ආයතනය වහාම ක්‍රියාත්මක වී එවැනි තොරතුරු වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.
මෙවැන්නක් කිරීමෙන් ඡායාරූපයේ හෝ දුරකථනයේ සැබෑ අයිතිකරුට විඳින්නට වන ඕනෑම අන්දමේ ගැටළුවක් සම්බන්ධ සම්පූර්ණ වගකීම එම සාවද්‍ය තොරතුරු ඇතුලත් කරගෙන සිටි සාමාජිකයා විසින් භාරගත යුතු අතර ආයතනය ඒ සියල්ලෙන්ම නිදහස් වේ.
5).සාමාජිකත්වය අහෝසි කිරිම
පහත සඳහන් කුමන ක්‍රියාවක් නිසා හෝ ඔබගේ සාමාජිකත්වය ඉවත් කිරීමට ආයතනයට ඒක පාර්ශ්වික බලයක් ඇත.
i).තමන්ගේ නොවන දුරකථන අංක, තමන්ගේ නොවන ඡායාරූප, ව්‍යාජ විස්තර අපවෙත ලබාදීම.
ii).අප ලබාදෙන හා වෙබ් අඩවියේ ඇති දත්ත හෝ ඡායාරූප පිටපත් කිරීම හෝ සොරකම් කිරීම.
iii).දුරකථන ඇමතුම් වලට යහපත් ප්‍රතිචාර නොදීම.
iv).යම් හේතුවක් නිසා අනෙක් පාර්ෂවය අකමැත්ත ප්‍රකාෂ කලද දිගින් දිගටම call ගැනීම
v).කටයුත්තක් තීන්දු වී තිබියදී ඒ පිලිබඳව අපව දැනුවත් නොකීරීම.
vi).කාන්තාවන් සමග කතා කිරීමේදී අසභ්‍ය වචන වලින් කතා කිරීම
vii).අනවශ්‍ය වේලාවන් ( මධ්‍යම රාත්‍රී) වලදී කතා කිරීම
viii).මෙම සේවය තුළින් හඳුනාගන්නා අය සමඟ මුදල් හෝ නිශ්චල හෝ චංචල දේපල ගනුදෙනු වලට සම්බන්ධ වීම.
ix).නොමනා යෝජනා කිරීම හෝ අනිසි බලපෑම් කිරීම ආදී මෙම ගිවිසුමේ සඳහන් කොන්දේසි එකක් හෝ වැඩි ගණනක් කඩ කිරිම පිලිබදව සාක්ෂි සහිතව පැමිණිල්ලක් ලැබුන හොත් කෙන්දේසි විරහිතව සාමාජිකත්වය අවලංගු කරනු ලැබේ.
6).මුදල් ආපසු දීමේ ප්‍රතිපත්තිය
අප දක්වා ඇති කොන්දේසි සහ නියමයන් එකක් හෝ කිහිපයක් කඩවීම නිසා සාමාජිකත්වය අහෝසි වූ පුද්ගලයෙකුට ඔහු හෝ ඇය විසින් ආයතනයට ගෙවූ මුදල් ආපසු ගෙවීමට A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය බැඳී නොමැත.
නමුත් ඔබ මුදල් ගෙවීමක් සිදුකර අපගෙන් කිසිදු සේවාවක් ඉටුවී නොමැතිනම් මුදල් ආපසු ලබාදෙන ලෙස ඉල්ලිමක් කල හැකිය. එවිට ආයතනය විසින් සාමාජිකයාගේ whatsapp ගිණුම පරීක්ෂා කොට, අප සේවය තුලින් කිසිදු ප්‍රයෝජනයක් ලබා ගෙන නොමැති බවට තහවුරු කරගැනීමෙන් පසු මුදල් ආපසු ලබාදීමට එකග වේ. මෙහිදී ඔබ වෙනත් අයගේ දුරකථන අංක ලබා ගැනීම, යොජනා යැවීම් භාවිතා කිර්‍රිම,පනිවිඩ යැවීම් භාවිතා කිරීම හෝ ඔබගේ අංකය වෙනත් අය ලබා ගෙන තිබීම සැලකිල්ලට ගැනේ. ඔබ ලබා ගත් සියළුම දුරකථන අංක සහ සියළුම විස්තර අපට ලබා ගත හැක. නමුත් මුදල් නැවත ලබා දීමේ තීරණය ගැනීමේ සම්පූණ අයිතිය ආයතන සතු බවට සාමාජිකයා එකග විය යුතුවේ.
7).බලපවත්වන නීතිය
ඕනෑම සාමාජිකයෙකු කිරණ මංගල සේවය හා Kirana.lk වෙබ් අඩවි යේ ලියාපදිංචි වූ විට ඔහු හෝ ඇය A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය සමඟ මෙම ලියවිල්ලේ සඳහන් කරුණු කාරණාවලට යටත්ව ගිවිසුමකට එළඹෙන බව සැලකෙන අතර එය නීතිගත වූ බවට සැලකේ.
8).ආරවුල් බේරුම් කිරීම
කිරණ මංගල සේවය හා Kirana.lk වෙබ් අඩවිය සම්බන්ධයෙන් වන සියලුම ආරවුල් වර්ෂ 1995 අංක 11 ආරවුල් බේරුම් කිරීමේ පනත යටතේ බේරුම් කරුවන් තුන්දෙනෙකු (3) ගෙන් සැදුම්ලත් බේරුම්කරන සභාවක් ඉදිරියේදී කොළඹ දී විභාගයට ගැනීමට ඔබ හා A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය මෙයින් එකග වේ.